පොලිස්පතිවරයා තෝරා පත් කර ගැනීමට ව්‍යවස්ථාදායක සභාව ලබන සතියේ රැස්වෙයි

පොලිස්පතිවරයා තෝරා පත් කර ගැනීමට ව්‍යවස්ථාදායක සභාව ලබන සතියේ රැස්වෙයි

නව පොලිස්පතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව ලබන සතියේ රැස්වීමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ සඳහා නිර්දේශිත නමක් හෝ නම් කිහිපයක් ව්‍යවස්ථාදායක සභාවට යොමු කිරීමට නියමිතයි.

දැනට පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන සී.ඩී. වික‍්‍රමරත්න මහතා ලබන 23 වැනිදා සිය ධුරයෙන් විශ‍්‍රාම යෑමට නියමිත බව සදහන්.

ජ්‍යෙෂ්ඨත්වය සළකා බැලීමේදී නව පොලිස්පතිවරයා ලෙස මුල් පෙළේ පසුවන්නේ නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් යන නියෝජ්‍ය පොලිස්පතිවරුන්.

Share This