පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාවද අපේක්ෂාවෙන්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාවද අපේක්ෂාවෙන්

2026 වසරේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවද අපේක්ෂාවෙන් පසුවන බව BBC ලෝක සේවය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාවට අමතරව ඔස්ටේ්‍රලියාව, කැනඩාව සහ ඉන්දියාවද එලෙස කැමැත්ත පළකර ඇති රටවල් අතරට අයත්.

කෙසේවෙතත් මේ දක්වා කුමන රටකට සත්කාරකත්වය ලබාදෙන්නේදැයි අවසන් තීරණයක් ගෙන නැහැ.

ලබන වසරේ මුලදී එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

2022 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ එංගලන්තයේ බර්මිංහැම් නුවරදීයි.

Share This