
පේරාදෙණිය උද්භිත උද්‍යානයට වසර 200 ක් – සමරු මුද්දර 04 ක්
පේරාදෙණිය උද්භිත උද්‍යානයට වසර දෙසීයක් දෙසීයක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර හතරක් සහ මුල්දින කවරයක් නිකුත් කර තිබෙනවා.
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ උද්‍යාන ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයක දී මෙම සමරු මුද්දර සහ මුල්දින කවරය නිකුත් කරනු ලැබුවා.
පේරාදෙණිය උද්භිත උද්‍යානයට ආවේණික සංකේත ස්ථාන හතරක් වන කුඩ ගස සහ ජාතික ශාකාගාරය, පොකුණ සහ ඒ අවට භූ දර්ශනය , නත්තල් කේක් ගෙඩිය සහ නත්තල් ගස, ගාඩ්නර් ස්මාරකය, යන ස්ථානවල දර්ශනීය ඡායාරූප එම මුද්දර වලට ඇතුළත් කර තිබෙනවා.