
පෙබරවාරි මුලදී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන 1 ලක්ෂ 20,000 ක තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පෙබරවාරි පළවනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 30000ක භාණ්ඩාගාර බිල්පත් එහි දී වෙන්දේසි කිරීමට නියමිතයි.
එමෙන්ම දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක බිල්පත් ද වෙන්දේසි කෙරෙනු ඇති.