
පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන්ට ඇප.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික භික්ෂු පෙරමුණේ සාමාජික පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද උන්වහන්සේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පසුගිය 28 වැනිදා කොටුව ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාව සම්බන්ධයෙන් අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා මත පෙරේදා උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබුණා.