
පුහුණුව සදහා විදෙස්ගත වෛද්‍යවරු 400 ක් දිවයිනට නොපැමිණි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
පුහුණුව සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් 400 කට ආසන්න පිරිසක් මෙතෙක් යළි දිවයිනට පැමිණ නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
ඒ අතර මේ වසර තුළ පුහුණුව සදහා විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරු 67 දෙනෙකුද ඇතුළත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
එම පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ගිවිසුම්ගත වීමෙන් අනතුරුව විදෙස්ගත වී ඇති වෛද්‍යවරුන් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළ බවයි වාර්තා වන්නේ.