පුරාවස්තු සොයා කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට

පුරාවස්තු සොයා කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට

පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයන් 17 දෙනෙකු ඊයේ (27) ත්අඩංගුවට පත් වී තිබෙනවා.

ඒ මනලවැව, රත්තනගොල්ල රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී පුරාවස්තු කැනීම් කරන්මින් සිටියදියී.

සැකකරුවන් සන්තකයේ තිබී කැණීම් කිරීමට යොදාගන්නා උපකරණ හා පූජා භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අවුරුදු 19ත් 66ත් අතර වයස්වල පසුවන බලංගොඩ, හපුතලේ, ඕපනායක, වැලිමඩ, පින්නවල, වැලිගේපොළ, බෙලිහුල්ඔය, වේවැල්වත්ත, සහ කල්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙසේ අඅත්අඩංගුවට පත් වී තිබෙනවා.

සැකකරුවන් අද (28) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වනවා.

Share This