පිලිපීනයේ අනාගතය බොං බොං ට

පිලිපීනයේ අනාගතය බොං බොං ට

පිලිපීනයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස බොං බොං යන අන්වර්ත නාමයෙන් හදුන්වන ෆර්ඩිනන්ඩ් මාර්කෝස් ජූනියර්ට හිමිවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට ජනාධිපතිධූරය සඳහා පැවති මැතිවරණයේ දී බොං බොං 60% ඉක්මවන ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.

උප ජනාධිපතිවරිය ලෙස වත්මන් ජනාධිපති රොඞ්රිගෝ ඩුටර්ටේ ගේ දියනිය වන සාරා ඩුටර්ටේ පත්වීමට නියමිතයි.

ඒ අනුව පිලිපීන නව ජනාධිපතිවරයා එරට අගනුවර වන මැනිලා හි ජාතික කෞතුකාගාරයේ දී දිවුරුම් දීමට නියමිතව ඇති අතර ඒ සඳහා දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් එක්වීමට නියමිත බව සඳහන්.

Share This