පිරිමි සිත් වසඟ කරන කාන්තා ගති ලක්ෂණ.

පිරිමි සිත් වසඟ කරන කාන්තා ගති ලක්ෂණ.

තමන් ආදරේ කරන කෙනෙක්ව ජීවිත කාලයම ළඟ තියාගන්න පුලුවන්නම් කොයි තරම් දෙයක්ද.

ඒ වගේම පෙම්වතෙක් සැමියෙක් තමන්ගේ පෙම්වතියගෙන් බිරිඳගෙන් බලාපොරොත්තුවෙන දේවල් ගැන ඔබ දැනුවත්ද.

මේ පිරිමි සිත් වසඟ කරන කාන්තාවන් ලග තියෙන ලක්ෂණ කිහිපයක් පිළිබදවයි.

1. සරාගී ස්ත්‍රීත්වය

කාන්තාවන් ශක්තිමත් පිරිමින්ට කැමති කියන එක රහසක් නෙවෙයිනේ. ඒ වගේම තමයි පිරිමිත් සරාගී කාන්තාවන්ට කැමතියි. එහෙම කාන්තාවක් ආත්ම අභිමානයෙන් පිරිසක් අතරට ඇතුල් වෙද්දී එතන ඉන්න හැමෝම එයා දිහා හැරිලා බලනවා. ඒක එයාගේ රූපයේ නෙවෙයි සමහරවිට එයා ඇදන් ඉන්න ආකර්ශනීය ඇඳුමෙන් නැත්නම් එයාගේ දිග කොන්ඩෙන්, හිනාවෙන් වෙන්න පුළුවන්.

2. කරුණාවන්තබාවය

පර්යේෂණවලට අනුව පිරිමි කැමති කරුණාවන්ත, සංවේදී, තමන්ව අම්මා කෙනෙක් වගේ රැකබලා ගන්න ගැහැණු කෙනෙක්ට. තමන්ගේ ජීවිතේ අමාරුම කාල වලදී තමන්ව ආදරෙන් රැකබලා ගන්න පුළුවන් බව හැගෙන ගැහැණු අයට පිරිමි ආකර්ෂණය වෙනවා වැඩියි. කාන්තාවන්ට පුළුවන් හොඳින් සවන් දෙන්න.

3. ක්‍රියාශීලි සහ විනෝදකාමීත්වය

කවුද කැමති නැත්තේ ක්‍රියාශීලි වගේම විනෝදකාමීව ඉන්න කෙනෙක්ට. කාන්තාවනුත් කැමතිනේ එහෙම පිරිමි කෙනෙක්ට. හැමතිස්සෙම එයා ඔයාව හිනස්සනකන් ඉන්න එපා. විනෝදකාමී කාන්තාවක් වෙන්න පොඩි උත්සහයක් ගන්න. පිරිමි කැමති කෙල්ලෙක් වගේ පේන ඒත් පිරිමියෙක් වගේ හිනාවෙලා ඉන්න ගැහැණු කෙනෙක්ට.

4. බුද්ධිමත් බව

කවුරුත් කැමති නැහැ මෝඩයෙක් එක්ක සම්බන්ධතාවයක් පවත්වන්න. අලුත් දේවල් ඉගෙනගන්න කැමති කෙනෙක් බවට පත්වෙන එක, ලෝකේ තියෙන තාක්ෂණය සහ අලුත් අලුත් දේවල් අත්හදා බලන්න ප්‍රිය කරන කෙනෙක් බවට පත්වෙන එක ඔයාට පිරිමි කෙනෙක්ගේ ආකර්ෂණය වැඩි වැඩියෙන් ලැබෙන්න හේතුවක් වෙනවා.

5. වීරයෙක් වීමට ඇති ආශාව

ආදර සම්බන්ධතාවයකදී පිරිමි ළමයි කැමති තමන්ගේ ගෑණු ළමයව ආරක්ෂා කරලා එයාට හොඳින් සලකලා එයාගේ ආදරය දිනාගන්න එයාගේ වීරයා වෙන්න. මෙතනදී ගැහැණු ළමයෙක් විදියට ඔයා දැනෙන්න සලස්වන්න ඕන එයාව ඔයාට අවශ්‍යයි කියලා. පුංචි පුංචි දේවල් වලට එයාගෙන් උදව් ඉල්ලන්න. එයාගේ ජයග්‍රහණ සමරන්න. එයාට පෙන්නන්න එයා තමයි එකම කෙනා කියලා.

TAGS
Share This