
පෑලියගොඩ පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්
පෑලියගොඩ ප‍්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 24 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
තහනමට ලක් වූ අනෙක් නිලධාරීන් දෙදෙනා පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු බව සඳහන්.
ගංජා කිලෝ 24ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මෝටර් රථයෙන් පලා යද්දී අත්අඩංගුවට ගැනීමට කිසිදු උත්සාහයක් නොගැනීම මෙලෙස වැඩ තහනම් කිරීමට හේතුවයි.