පාසැල් දරුවන් එන්නත්කරණය ඉදිරි සති 2 තුළ

පාසැල් දරුවන් එන්නත්කරණය ඉදිරි සති 2 තුළ

පාසල් දරුවන්ට එන්නත ලබාදීමේ වැඩකටයුතුද ඉදිරි සති දෙක ඇතුලතදී ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මෙරට පුරවැසියන් සියලු‍ දෙනා කොරා්නා මර්ධන එන්නත්කරණයට ලක්කර කඩිනමින් රට යථා තත්වයට පත්කල යුතු බවයි හෙතෙම කියා සිටියේ.

ඒ අනුව මේ වනවිටත් කොරෝනා මර්ධන එන්නත ලබානොගත් අවුරුදු 20ට වැඩි සියලු‍ පුද්ගලයින් හැකි ඉක්මනින් එම එන්නත ලබාගන්නා ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව කියා සිටියේ අද අනුරාදපුර ප්‍රදේශයේදී මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

Share This