පාස්කු ප්‍රහාරයට දින දහසයි – යුක්තිය ඉල්ලන විශේෂ  දේව මෙහෙය අද.

පාස්කු ප්‍රහාරයට දින දහසයි – යුක්තිය ඉල්ලන විශේෂ දේව මෙහෙය අද.

පාස්කු ප්‍රහාරය සිදු වී දින දහසක් සම්පූර්ණ වන අද දිනයේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

කොළඹ අගරදගුරු මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජූඞ් ක්‍රිශාන්ත පියතුමා කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ෂණ නිසි පරිදි සිදුවන බව රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වුවද මෙතෙක් යුක්තිය ඉටු වී නොමැති බවයි.

ඒ අනුව මෙම විශේෂ දේව මෙහෙය අද පෙරවරු 10 ට රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

මරිය මවුන්ගේ පාමුල සාධාරණත්වය ඉල්ලා යාච්ඤා මෙහෙය සිදු කෙරෙන බවයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ.

TAGS
Share This