පාසල් රග්බි තරඟාවලිය අද ඇරඹේ

පාසල් රග්බි තරඟාවලිය අද ඇරඹේ

කොරෝනා වසංගතය හේතුවෙන් වසර 2ක් පමණ අත්හිටුවා තිබූ මෙරට ප‍්‍රමුඛතම පාසල් රග්බි තරඟාවලිය අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

පාසල් රග්බි ලීගයේ පළමු කාණ්ඩයේ ‘A‘ කොටසේ තරඟ ආරම්භ කරමින් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අද තරඟ වදින්නේ කොළඹ හැව්ලොක් ක‍්‍රීඩාංගණයේදීයී.

‘A‘ කොටසේ තරඟාවලිය වෙනුවෙන් කණ්ඩායම් 12 ක් තරඟ 34 කට සහභාගි වනු ඇති.

පාසල් 24ක් පළමු කාණ්ඩයේ ‘B‘ සහ ‘C‘ කොටස් යටතේ තරඟ වදින අතර තවත් පාසැල් 40 ක් 2 වැනි සහ 3 වැනි කාණ්ඩයෙන් තරඟ වැදීමට නියමිතයි

උසස් පෙළ විභාගය හේතුවෙන් මෙම තරඟ වාරය කෙටිකාලයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි තරඟ සංවිධාකයකන් සඳහන් කලේ.

Share This