පාසල් කටයුතු යළි අරඹන්නැයි පුද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

පාසල් කටයුතු යළි අරඹන්නැයි පුද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්

එළැඹෙන සතියේ සිට පාසල් කටයුතු යළි ආරම්භ කරන්නැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කළා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ මේ වන විට සියයට 75 ක් පමණ පුද්ගලික බස් රථ ධාවනයට එක්කර ඇති බවයි.

ගමනාගමන මණ්ඩලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් තවදුරටත් කරුණු දැක් වූ ගැමුණු විජේරත්න මහතා.

ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා මෙහි දී සඳහන් කලේ පොදු ප‍්‍රවාහන සේවා සහ පාසල් ප‍්‍රවාහන සේවා සඳහා ලංගම ඩිපෝ මඟින් විධිමත් ලෙස ඉන්ධන නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

කෙටි ගමන් සේවා සහ දුර ගමන් සේවා සඳහා වෙන වෙනම ඉන්ධන ලබාදෙන ලෙස පුද්ගලික බස් රථ සංගම් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ද ලංගම සභාපතිවරයා කරුණු දක්වා සිටියා.

Share This