පාසල් ආරම්භයට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

පාසල් ආරම්භයට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු‍ම කලාපවල අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට එළඹෙන සිකුරාදා දිනයේ දී ෆයිසර් එන්නත ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

ඊට සමගාමීව වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම එළඹෙන 21 වනදා පාසල්වලදී සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශ, අතිරේක ලේකම්, එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කළේ, සියලු‍ම සිසුන් හැඳුනුම්පත සමග එන්නතකරණ වැඩසටහනට සහභාගී විය යුතු බවයි.

මේ අතර පාසල් ආරම්භ කරනවිට දැනට නිකුත් කර ඇති ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කිරීමට සිදු වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ, පාසල් විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා සිය සංගමය පූර්ණ දායකත්වය ලබාදෙන බවයි.

මේ අතර, පිරිවෙන් සහ ශීලමාතා ආරාම හෙට සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

දහම් පාසල් භික්ෂු අධ්‍යාපන සහ පිරිවෙන් රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට අවසර ලබා දී ඇති බවයි.

මේ අතර එළඹෙන 21 වනදා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් අනතුරුව විධිමත් සැළැස්මක් යටතේ පොදු ප්‍රවාහන කටයුතු සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

Share This