පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළඳුන් සොයා මෙහෙයුම්

පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළඳුන් සොයා මෙහෙයුම්

දැනට පනවා ඇති පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

සැප්තැම්බර් 2 වැනි දා පැන වූ පාලන මිලට අනුව සුදු සීනි කිලෝවක් රුපියල් 122 කටත් පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත් අලෙවි කළ යුතු වනවා.

කෙසේ වෙතත් වැඩි මිලට සීනි අලෙවි කළ වෙළදසැල් 20කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ.

මේ අතර, අද දිනයේදීත් කිරිපිටි මිලදී ගැනීම සඳහා ඇතැම් ප්‍රදේශවල පෝලිම්වල ජනතාව රැදී සිටි බව සිත නිව්ස් 24 වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක පාලන මිල ඉවත් කිරීමෙන් පසු ඒවායේ මිල ඉහළ දැමුව ද වෙළෙඳපොළේ ගෑස් සහ සිමෙන්ති ඇතුළු භාණ්ඩවල තවදුරටත් හිඟයක් පවතින බවටයි පාරිභෝගිකයින් ප්‍රකාශ කළේ.

එළවළු මිල ගනන්ද සීඝ්‍රයෙන් ඊහළ ගොස් ඇති බවටද පාරිභෝගිකයින් චෝදනා කළා.

Share This