පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට- (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට- (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සදහන් කළේ යාපනය නල්ලූර් ප්‍රදේශයේදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි.

ලබන ඉරිදාට යෙදී ඇති තිලීපන් නැමැත්තාගේ සැමරුම් දිනය සම්බන්ධයෙන් යාපනය පොලිස් මූලස්ථානය අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලා තිබුණා.

ලබන 26 වනදා ඒ සම්බන්ධ සැමරුම් උත්සව පැවැත්වීම අත්හිටුවමින් අධිකරණය නියෝගයක් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරය සහ තවත් පිරිසක් තිලීපන් නැමැත්තාගේ සැමරුමකට සහභාගී වීමට අද කටයුතු කර ඇති බවයි සදහන් වන්නේ.

ඒ අනුව දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු තිදෙනෙකු නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This