පාර්ලිමේන්තු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහලට

පාර්ලිමේන්තු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහලට

පාර්ලිමේන්තු පොලිස් නිලධාරින් දෙදෙනෙකු ආසාත්මිකතාවයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන් ලබා ගත් දිවා ආහාරයේ තිබූ මාළු විෂ වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මූලික ප‍්‍රතිකාර ලබාගෙන ඇති බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම ආහාරවල සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් ලබා ගන්නා ලද දිවා ආහාරයේ නරක් වූ මාළු අඩංගු බව අනාවරණ වීමෙන් පසුව ආපනශාලා අංශය එම මාළු ව්‍යාංජනය ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This