පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ නායකයින්ට ජනපතිගෙන් හෙට සර්ව පාක්ෂික සමුළුවකට ඇරයුම්

පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ නායකයින්ට ජනපතිගෙන් හෙට සර්ව පාක්ෂික සමුළුවකට ඇරයුම්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ හෙට පස්වරු 4 ට ජනාධිපති කාර්යාලයේ දී මෙම සර්ව පාක්ෂික සමුළුව පැවැත්වෙන බවයි.

ඒ සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට මෙන්ම මහින්ද රාජපක්ෂ සහ මෛත‍්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන්ටද ආරාධනා කර තිබෙනවා.

මීට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ නායකයන්ට ඊට ආරාධනා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු පළමු වරට පසුගිය වසරේ දෙසැම්බර් 13 වනදා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වූ අතර එහිදී සිදු කරන ලද සාකච්ඡාවල ප‍්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

Share This