පාපන්දු සම්මේලනය තුළ ගැටළුකාරී තත්ත්වයක්

පාපන්දු සම්මේලනය තුළ ගැටළුකාරී තත්ත්වයක්

ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ විධායක සභාවේ බහුතරයක් ඊයේ වනවිට ඉල්ලා අස්වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් බරපතළ ගැටළුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වනවා.

පාපන්දු සම්මේලනයේ වත්මන් විධායක සභාව 11 දෙනකුගෙන් සමන්විත වන අතර ජනවාරි 14 වැනිදා පැවැති නිලවරණයේ දී තේරී පත්වූයේ ඉන් නිලධාරීන් අට දෙනකු පමණයි.

එලෙස තේරී පත්වූ නිලධාරීන් අතර ප‍්‍රධාන ලේකම් ඉන්දික තේනුවර, භාණ්ඩාගාරික ටී. සුදාකර්, උප සභාපතිවරුන් වන සී. දීපිකා කුමාරි, සමන් දිල්හාන් නාගහවත්ත යන මහත්ම මහත්මීන් ඊයේ වනවිට සිය ඉල්ලා අස්වීමේ ලිපි පාපන්දු සම්මේලනයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. ශ‍්‍රී රංගා මහතාට යොමු කර ඇති බව සදහන්.

Share This