පාපන්දු සම්මේලනයේ සභාපති ඇතුළු පිරිසක් දිවයිනට

පාපන්දු සම්මේලනයේ සභාපති ඇතුළු පිරිසක් දිවයිනට

ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජානි ඉන්ෆැන්ටිනෝ දෙදින නිල සංචාරයක් සදහා අද පෙරවරුවේ මෙරටට පැමිණියා.

ඔහු පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු කියා සිටියේ.

පාපන්දු සභාපතිවරයා සමඟ ලෝක පාපන්දු සම්මේලනයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු ද දිවයිනට පැමිණි අතර ඔවුන් අද පැවැත්වෙන මහින්ද රාජපක්ෂ සිව් ජාතික පාපන්දු තරගාවලියේ අවසන් මහා තරඟයේ ආරාධිත අමුත්තන් ලෙස එක්වීමට නියමිතයි.

එය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සහ ෂීෂෙල්ස් කණ්ඩායම් අතරයි.

Share This