පාපන්දු ජය සමරන්න සෞදි අරාබියේ අද නිවාඩු

පාපන්දු ජය සමරන්න සෞදි අරාබියේ අද නිවාඩු

සෞදි අරාබියේ සියලුම සේවකයින්ට සහ පාසල් සිසුන්ට අද (23) නිවාඩු දිනයක් ලෙස එරට සල්මාන් රජු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කළ සෞදි ආරාබි කණ්ඩායම ලැබූ ජයග්‍රහණයේ සතුට සැමරීම සඳහායි.

තරඟ 36 ක් නොකඩවා ජයග්‍රහණය කළ ආර්ජන්ටිනා කණ්ඩායමේ ජයග්‍රාහී ගමන සෞදි අරාබි කණ්ඩායම හමුවේ ගිලීහී ගියා.

ඒ ඊයේ (22) පැවැති තරඟයේ දී ගෝල 2 ට 1 ක් ලෙස ආර්ජන්ටිනා කණ්ඩායම පරජයට පත් කරමින් සෞදි අරාබිය ජයග්‍රහණය ලැබීමත් සමඟයි.

Share This