පාකිස්ථානයට චීනයෙන් ඩොලර් බිලියන 02 ක ණයක්

පාකිස්ථානයට චීනයෙන් ඩොලර් බිලියන 02 ක ණයක්

චීනය විසින් පාකිස්තානයට ඇමරිකානු ඩොලර් බිලියන 02 ක ණය මුදලක් ලබාදී තිබෙනවා.

පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් එරට පාර්ලිමේන්තුවේ දී මේ බව ප‍්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ වන විට පකිස්තානය දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටිනවා.

එරට විදේශ සංචිත ප‍්‍රමාණවත්ව ඇත්තේ සති හතරක කාලයකට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සදහා පමණක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

Share This