ප්‍රියංකා දික්කසාදයක් අබියස ?

ප්‍රියංකා දික්කසාදයක් අබියස ?

ප්‍රියංකා චොප්රා කියන්නේ බොලිවුඩ් වලට සීමාවුණ තාරකාවක් නෙවෙයි දැන්.

ඇය මේ වන විට දැවැන්ත හොලිවුඩ් සිනමා නිර්මාණ ගණනාවකටත් දායක වෙලා තියෙනවා.

එවගේම ඇය දායක වන අලුත්ම සිනමා නිර්මාණය තමයි The Matrix Resurrections කියන්නේ.

ඇය රඟපාන්නේ ලෝකප්‍රකට හොලිවුඩ් නළු Keanu Reeves සමඟින්.

ඇය මේ චිත්‍රපටයේ පෝස්ටරය ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළකරනවාත් සමඟම, ඇගේ විවාහ නාමය වන Jonas නාමය සහ Chopra යන පවුලේ නාමය යන දෙකම ඉවත් කරලා තියෙනවා.

Priyanka Chopra's First Look From Matrix 4 - But Fans Just Want To Know About Missing Surname
Metrix 4 චිත්‍රපටයේ පෝස්ටරය

චිත්‍රපටයට සුබ පතන එක අමතක කරලා, දහස් ගණනක් රසිකයෝ කමෙන්ට් කරලා අහලා තියෙන්නේ මේ ඇයි කියලා.

“Are you fine,” “Why changed your name” සහ “Jonas jiju kaha hai(ජෝනස් මස්සිනා කොහෙද ?)” වගේ කමෙන්ට් වලින් තමයි ඒ පෝස්ට් එකේ comment section එක පිරිලා තියෙන්නේ.

මොකද, මීට කලිනුත්, මේ වගේම නම වෙනස්වුණ බොහෝ දෙනෙක්ගේ කතාව අවසන් වුණේ දික්කසාදයකින් නිසා.

හැබැයි ප්‍රියංකාගේ අම්මා News18 වෙබ් අඩවියට අදහස් දක්වමින් ප්‍රියංකා දික්කසාද වෙනවද නැද්ද කියලා අහපු ප්‍රශ්නයට කියලා තිබුණේ “බොරු කතා මේ සේරම. ඒවා පිළිගන්න එපා” කියලා.

Share This