ප්‍රවීන ගීත රචක හේම ශ්‍රී ද අල්විස් දිවි සැරිය නිම කරයි [PHOTOS]

ප්‍රවීන ගීත රචක හේම ශ්‍රී ද අල්විස් දිවි සැරිය නිම කරයි [PHOTOS]

ප්‍රවීන ගීත රචකයෙක් ලෙස මෙරට ප්‍රේක්ෂකයින් අතර මහත් ජනාදරයට පාත්‍ර වූ හේම ශ්‍රී ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු 1977 වර්ෂයේ සිට 1997 වර්ෂය දක්වා ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස ද කටයුතු කළා.

අභාවප්‍රාප්ත වන විට 81ක් වන වියේ පසු වූ හේම ශ්‍රී ද අල්විස් මහතා මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් රචනා තර ඇති ගීත නිර්මාණ සංඛ්‍යාව 4,000 කට අධික වනවා.

ඒ මහතා ලියූ ගීත අතරින් ශ්‍රීණි විභූෂිත ලංකා, මධු සඳෙන් තවත් සුපුන් සඳක්, කඳ සුරිඳුනි ඔබේ, දුනුකෙයියා මලක් වගේ, මැණිකේ ඔබේ සිනාවේ, නෙත් යුග රන් තරු, සුදු සඳ රැස් ගලන ආදරේ වැනි අති ජනප්‍රිය ගීත ඒ මහතාගේ නිර්මාණ අතුරින් කිහිපයක්.

දේහය 50/9, මැද පාර, තල්පිටිය උතුර, වාද්දුව නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (05) සවස 4 ට තල්පිටිය සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

Share This