ප්‍රංශයෙන් යෝධ ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍යයෙක් [PHOTOS]

ප්‍රංශයෙන් යෝධ ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍යයෙක් [PHOTOS]

ප්‍රංශයේ සංචාරයක යෙදී සිටිය දී බ්‍රිතාන්‍ය ජාතික ධීවරයෙක් ඉතා විශාල ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍යයෙකු අල්ලාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම යෝධ ගොල්ඩ් ෆිෂ් “ද කැරට්” ලෙස නම් කර ඇති බවයි.  

මෙම මත්ස්‍යයා රාත්තල් 70කට ආසන්න බරකින් යුක්ත වන බව සඳහන්.

42 හැවිරිදි ඇන්ඩි හැකට් නම් මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා මෙම මාළුවා අසු වී ඇත්තේ ප්‍රංශයේ ‘බ්ලූ වෝටර්’ විලේ මසුන් අල්ලමින් සිටියදීයී.

මෙම මත්ස්‍යයා කෝයි සහ ලෙදර් කාෆ් මසුන් දෙවර්ගයේ දෙමුහුම් ප්‍රභේදයකට අයත් බවට සැලකෙනවා.

මෙම මාළුවා ග්‍රහණය කර ගැනීම සඳහා විනාඩි 25 ක් පමණ වෙහෙසක් දැරීමට සිදුවූ බව ඇන්ඩි ප්‍රකාශ කර තිබෙනවා. 

Share This