
ප්‍රංශයෙයි – ස්විට්සර්ලන්තයෙයි තැනක එකම වෙලාවේ නිදියන්න කැමතිද?
එහෙම නිදාගන්න ආශාවක් හීනයක් තියෙනවනම් ඔබ යන්න ඕන Arbez Franco-Suisse – L’Arbézie අවන්හලට .
කොහෙද මේ හෝටලේ තියෙන්නේ ?
ඒක හදලා තියෙන්නේ ඝන වනාන්තර සහිත ජුරා කඳු මුදුනේ තියෙන ලා කුරේ කියන පුංචි ගම්මානයේ.
කලබල වෙන්න එපා
දැන් කල්පනා කරන්නේ ජුරා කන්දයි ලා කුරේ ගමයි ගැනනම් ඒ දෙකම තියෙන්නේ ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය වෙන් කරන එක් ජාත්‍යන්තර දේශසීමාවක් මුදුනේ
දැන් කතාව පැහැදිලියිනේ.

මේ සුන්දර අවන්හල හදලා නැත්නම් නිමවලා තියෙන්නේ ග්‍රාමීය ශෛලියෙන්,
පුංචි පවුලක් තමයි වැඩේ කරගෙන යන්නේ.
වැඩේ කියන්නේ මේ වෙද්දී යුරෝපයේ මේ ජුරා ගම දැන් හරි ප්‍රසිද්දයි , හේතුව Arbez Franco-Suisse – L’Arbézie .




මේ හෝටලේ ඉදිකරල තියෙන්නේ පෙර කී රටවල් දෙකේ දේශසීමා සඳහා බලපාන ගිවිසුමේ තියෙන , වෙළෙඳ වාසියත් අරගෙන
එහි ප්‍රතිඵලය අවන්හලෙන් කොටසක් ප්‍රංශයේ අනෙක් කොටස ස්විට්සර්ලන්තයේ.
ඉතිං මේ ජාත්‍යන්තර මායිම අවන්හල සහ කාමර වෙන් කරන්න සමත් වෙලා තියෙන හින්දම මෙහි සංචාරය කරන්නනට එකවර රටවල් දෙකක් අතර සුව නින්දක වූ ඉතා විරල අත්දැකීමක්ම ලබා ගැනීමට පුලුවන්.
මොකද කියන්නේ ජුරා කන්දේ ලාකුරා ගමේ Arbez Franco-Suisse – L’Arbézie . හෝටලේ අමතක නොවන රැයක් ගතකරමුද ?

