පළාත් 6 කට තද වැසි.

පළාත් 6 කට තද වැසි.

පළාත් 6 කට මිලි මීටර් සියයට වැඩි තද වැසි ඇති විය හැකි බව දක්වමින් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට තද වැසි ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75 ක පමණ වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

දිවයිනට ගිණිකොන දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහදු ප්‍රදේශයේ පැවති පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බවයි කාළගුන විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදරටත් සඳහන් කළේ.

ඒ හේතුවෙන් දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇති.

Share This