පළාත් 4 කට සහ දිස්ත්‍රික්ක දෙකකට දැඩි උණුසුම් කාලගුණයක්

පළාත් 4 කට සහ දිස්ත්‍රික්ක දෙකකට දැඩි උණුසුම් කාලගුණයක්

උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මන්නාරම, හම්බන්තොට යන දිස්ත‍්‍රික්කවල දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද දිනයේදී එම ප‍්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානයක් යොමුකළ යුතු මට්ටමක පවතින බවයි.

එමෙන්ම ගතවූ පැය විසිහතරේ උපරිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 35 යි දශම 7 ක අගය මුලතිව් සහ පොතුවිල් ප‍්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා.

සෙල්සියස් අංශක 14 ක් වූ අවම උෂ්ණත්වය වාර්තාවී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්.

Share This