පළාත් කිහිපයකට අදත් වැසි.

පළාත් කිහිපයකට අදත් වැසි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝ මීටර් 40ත් 50ත් දක්වා වන තරමක තද සුළං ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට මන්නාරම, වව්නියා, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Share This