පළමු වරට මෙරටින් කළු දිලීර රෝගය.

පළමු වරට මෙරටින් කළු දිලීර රෝගය.

මෙරට කොරෝනා රෝගීන් අතර පළමු වරට කළු දිලීර රෝගය පැතිර යමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.

ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් අතර එය පැතිර යන බවත් කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.

සාමාන්‍ය පුද්ගලයින් අතර පැතිර ගිය කළු දිලීර රෝගය ආසාදනය වූ කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දින පුද්ගලයින් 123,440 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

Share This