පළමු ටෙස්ට් තරඟයෙන් කැන්ගරුවන්ට විශිෂ්ට ජයක්

පළමු ටෙස්ට් තරඟයෙන් කැන්ගරුවන්ට විශිෂ්ට ජයක්

ශ‍්‍රී ලංකා – ඔස්ටේ‍්‍රලියා පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරඟයේ ශ‍්‍රි ලංකා පිලේ දෙවැනි ඉනිම ලකුණු 113 කට සීමා කිරීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ජයග‍්‍රහණය සඳහා ඔස්ටේ‍්‍රලියාවට හිමි වූ ඉලක්කය ලකුණු 4 ක්.

ඒ අනුව ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි ඩේවිඩ් වෝනර් සහ උස්මාන් කවාජා විසින් ඔස්ටේ‍්‍රලියානු ජයග‍්‍රහණය තහවුරු කළා.

ඩේවිඩ් වෝනර් ලකුණු 10 යි.

තුන්වන දිනය සඳහා අද තරඟය ආරම්භ කරමින් පිටියට පිවිසි ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 321 කට සීමා වුයේ් පන්දුවාර 2 ක් ඇතුළතදීයි.

එම කඩුළු දෙක බිඳ හෙළුවේ අසිත ප‍්‍රනාන්දු විසින්.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුළු 4 ක් දවාගත්තා.

ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 212 යි.

Share This