පළමු එක්දින තරග ජය ඉන්දියාවට.

පළමු එක්දින තරග ජය ඉන්දියාවට.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කර කඩුලු 07 ක ජයක් ලබාගැනීමට සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත්වුණා.

තරගයේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ළකුණු 262 ක් ලබා ගත්තා.

චාමික කරුණාරත්න නොදැවී 43 ක් රැස් කල අතර නායක දසුන් ශානක 39 ක්ද , චරිත් අසලංක 38 ක්ද ,අවිශ්ක ප්‍රනාන්දු 32 ක්ද ලබා ගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ඉන්දියාව පන්දුවාර 36 යි පන්දු 04 කදී කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කලා.

නායක ෂිකර් ධවාන් නොදැවී 86 යි.

ඉෂාන් කිෂාන් 59 ක්ද තරගයේ වීරයා වූ ප්‍රිතිවි ෂා 43 ක්ද රැස් කලා.

දෙවන එක්දින තරගය හෙට පැවැත්වෙනවා.

Share This