
පසුගිය වසරේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය ඉහළට
2021 වර්ෂයට සාපේක්ෂව 2022 වසරේ ණය කාඩ්පත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය ඉහළ ගොස් ඇති බව මහ බැංකු සදහන් කළා.
2021 වසරේ දෙසැම්බර් මාසයේදී සක‍්‍රිය කාඩ්පත් 1 කෝටි අනු ලක්ෂ 27 දහස් 195 ක් භාවිත කර තිබෙනවා.
එය පසුගිය වසරේ දෙසැම්බර් මාසය වනවිට 1 කෝටි අනු ලක්ෂ 52 දහස් 991 ලෙස සටහන්ව ඇති බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ අතර, දේශීය ක්‍රෙඩිට් කාඩ්පත් 13,445 ක් සහ ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රෙඩිට් කාඩ්පත් 1 කෝටි අනු ලක්ෂ 40 දහස් 720 ක් අයත් බව සදහන්.