පවුල් ජීවිතයකුත් ගත කරමින් ලස්සනට ඉන්න මහේෂිගේ රහස මෙන්න

පවුල් ජීවිතයකුත් ගත කරමින් ලස්සනට ඉන්න මහේෂිගේ රහස මෙන්න

මහේෂි මධුශංඛා කිව්ව ගමන්ම මතක් වෙන්නේ හරිම ලස්සන හුරුබුහුටි දක්ෂ රංගන ශිල්පිනියක්.
නම කිව්ව ගමන්ම ඕන කෙනෙක්ට ඇයව මතක් වෙන්න තරම් ඇය හැමෝටම සමීප වෙන්න වාසනාව ලැබුනා.
විශේෂයෙන්ම ඉතාම ජනප්‍රිය වුණු ටෙලිනාට්‍ය ගණනාවකම ප්‍රධාන චරිත ඇය රඟපෑවා. ඒ විතරක් නෙමෙයි ඇය සිනමාවටත් සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා

මේ වෙනකොට ඇය විවාහ වෙලා හරිම ලස්සන පවුල් ජීවිතයක් ගෙනියනවා. ඇගේ සැමියා සම්පත් දිසානායක. ඔහු වැඩ කරන්නේ ගුවන් නියමුවෙක් විදියට.
ඇයට මේ වෙන වෙනකොට දරුවන් දෙදෙනෙකුත් ඉන්නවා. කලා ක්ෂේත්‍රයේ වැඩ වගේම පවුලේ වැඩ නිසාත් ඇය ගොඩක් කාර්ය කාර්යබහුල වෙලා කියලා තමයි අපිටනම් ආරංචි වෙන්නේ.

අපි මහේෂි එක්ක විවාහ ජීවිතය ගැන කතා කරනකොට ඇය නම් කිව්වේ විවාහය කියන්නේ ගොඩාක් බැරෑරුම් විදියට හිතන්න ඕන දෙයක් නෙමෙයි කියලා.

විවාහය කියන්නේ ඉතාම සැහැල්ලුවෙන් දෙදෙනා අතර හොඳ බැඳීම්කින් එකිනෙකා තේරුම් අරගෙන ඉන්න ඕන දෙයක්. අපි විවාහය ගොඩක් ලොකු දෙයක් විදියට දැක්කොත් ඒක හැමදාම අපේ මනසට බරක් වෙනවා. විවාහයට කලින් වගේම විවාහයෙන් පස්සෙත් අවංකව ඉන්න පුළුවන් නම් විවාහය කියන්නේ කිසිසිම ප්‍රශ්නයක් නැති හරි සුන්දර දෙයක්.

ඇය රංගන ක්ෂේත්‍රයට එන්නේ අවුරුදු 18 දී. එහෙම ආපු ඇය කලා ක්ෂේත්‍රයේ ලොකු දුරක් මේ වෙනකොට ඇවිල්ල තියනවා. ඉතින් මේ ආවා වගේම, තව ලොකු දුරක් යන්න ඇයට අපි හදවතින්ම සුබ පතනවා.

Share This