‘පණපිටින් ඉන්න මිනිස්සුන්ට ඒ වගේ කතා කියන්න එපා’ – සරත් චන්ද්‍රසිරි වෙනුවෙන් කලාකරුවන් කියයි.

‘පණපිටින් ඉන්න මිනිස්සුන්ට ඒ වගේ කතා කියන්න එපා’ – සරත් චන්ද්‍රසිරි වෙනුවෙන් කලාකරුවන් කියයි.

වේදිකාව, පුංචි තිරය වගේම සිනමාවේත් අත්දැකීම් බහුල රංගවේදියෙක් විදිහට සරත් චන්ද්‍රසිරි ප්‍රවීණ රංගන ශිල්පියාව හදුන්වන්නට පුළුවන්.

පසුගිය දවසක ඔහු පිළිබඳව බොහොම අභාග්‍ය සම්පන්න පුවතක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසන්නට ලැබුණා.

ඒ ඔහු අසනීප තත්ත්වයකින් පසුවන නිසා රෝහල් ගත කරපු බව.

නමුත් ඊට දවසකට දෙකකට පස්සේ ඔහු අප අතරින් සමු ගෙන ඇති බවට සාවද්‍ය පුවතක් යම් පිරිසක් විසින් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

කලා ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක්ම මෙම අසත්‍ය පුවත පිළිබඳව අදහස් දක්වා තිබුණා.

ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කරඇති මුත් ඔහු මිය ගිය බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්න එපා කියලා ඔවුන් ඉල්ලීමක්ද කර තිබෙනවා.


ඒ තමන්ගේ පවුලේ කෙනෙක් තමන්ගේ පියා තමන්ගේ සහෝදරයා තමන්ගේ ස්වාමිපුරුෂයා මියගියා කියලා බොරු ප්‍රචාර නිකුත් වෙනකොට පවුලේ අයට දැනෙන මානසික පීඩනය දරාගන්න බැරි නිසා.

ඔහු තවමත් සුව වී නැති නමුත් රෝහල්ගත වී සිටින බව තමයි දැනගන්න ලැබෙන්නේ.

අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ මෙම සොඳුරු කලාකරුවාට, ඉක්මනින්ම සුව වෙන්න කියලා.

ඉක්මනින්ම සුවපත් වෙලා නැවතත් අලුත් කලා නිර්මාණ තුළින් මෙරට ජනතාවට ඔහු දැකගන්න ලැබේවි.

Share This