නෝර්වේ දේශයේ රොබින්හුඩ් තාලයේ ප්‍රහාරයකින් 5 ක් මරුට

නෝර්වේ දේශයේ රොබින්හුඩ් තාලයේ ප්‍රහාරයකින් 5 ක් මරුට

නෝර්වේ රාජ්‍යයේදී දුනු ඊතල යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට ඔස්ලෝ අගනුවරට නිරිත දෙසින් පිහිටි නගරයකදී මෙම ප්‍රහරය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ප්‍රහාරය එල්ල කළ බව කියන 37 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතිකයෙකු නොර්වේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාකීර්ණ සුපිරි වෙළෙඳසැලක් තුලදී මෙම සැකකරු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකරනු ලබන බවයි නොර්වේ අග්‍රාමාත්‍ය එර්නා සොල්බර්ග් ප්‍රකාශ කර සිටියේ.

Share This