නෙදර්ලන්තයට ලකුණු 214 ක ඉලක්කයක්

නෙදර්ලන්තයට ලකුණු 214 ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4ක් තුල සියළු දෙනා දැවී ලකුණු 231ක් රැස් කර ගැනීමට සමත් වුනා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා නෙදර්ලන්ත කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 214ක්.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා පන්දු 111 කදී ලකුණු 93ක් රැස් කර ගත් අතර දිමුත් කරුණාරත්න පන්දු 51කදී ලකුණු 33ක් රැස් කර ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ලෝගන් වෑන් බීක් සහ Bas de Leede ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු 3 බැඟින් බිඳ හෙළුවා.

Share This