නීති විරෝධී සංක‍්‍රමණිකයින් පිරිසක් මන්නාරමේ දී නාවික හමුදා භාරයට

නීති විරෝධී සංක‍්‍රමණිකයින් පිරිසක් මන්නාරමේ දී නාවික හමුදා භාරයට

මන්නාරම ඕලුතුඩුවායි වෙරළ තීරයේ නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක‍්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් මන්නාරම වෙඩිතලතිව් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර ඔවුන් විමර්ශන සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දී තිබෙනවා.

නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විවිධ ජාවාරම්කරුවන් විසින් සිදුකරන මිනිස් ජාවාරම් වලට හසුවීමෙන් වළකින ලෙසයි.

Share This