
නීති විරෝධී ලෙස ආනයනය කළ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ තොගයක් රේගු භාරයට
නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද ඉලෙක්ට්‍රොනික උපකරණ තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.
එම භාණ්ඩ අතර රූපවාහිනි යන්ත‍්‍ර 68ක්, වායූ සමීකරණ යන්ත‍්‍ර 77ක්, සහ භාවිත කරන ලද ටයර් ඇතුළු යන්ත්‍රෝපකරණ තිබු බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්.එස්.වීරසිරි මහතා සඳහන් කළේ මෙම භාණ්ඩ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට ආනයනය කර ඇති බවයි.