
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ 8 දෙනෙකු නාවික හමුදා භාරයට
විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ධීවර කටයුතු නිරතවූ පුද්ගලයින් 08 දෙනෙකු නැගෙනහිර මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ ත්‍රිකුණාමලය, පුල්මුඬේ අරිසිමලේ ප‍්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප‍්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුමකදීයි.
මොවුන් ගමන් කළ ඩිංගි යාත‍්‍රා දෙකක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න තොගයක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඒවා වැඩිදුර විමර්ශන සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලයට භාර දී තිබෙනවා.