
නීති විරෝධීව විදෙස් රටකට සංක‍්‍රමණය වීමට අපේක්ෂාවෙන් සිටි 17 දෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටි පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මඩකලපුව ප‍්‍රදේශයේ නිවසක රැඳී සිටි මුලතිව් ප‍්‍රදේශයේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු පිරිසක් මෙලෙස ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
දිස්ත‍්‍රික් අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත දිස්ත‍්‍රික් අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් කොකුවිල් පොලිස් වසමේ ස්විස් ගම්මානයේ නිවසක සිදුකළ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ
මෙම පිරිස අද අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති ඇති අතර
දිස්ත‍්‍රික් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.