
නීති විරෝධි දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට
තීරු බදු රහිතව මෙරටට ගෙන්වනු ලැබූ දුම්වැටි තොගයක් සිය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පිළියන්දල ඇරව්වල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී දුම්වැටි 2640 ක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
ඔහු අද දින කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.