නිව්යෝර්ක් මහල් නිවාසයක ගින්නක් –  19ක් මරුට

නිව්යෝර්ක් මහල් නිවාසයක ගින්නක් – 19ක් මරුට

නිව් යෝර්ක් මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ළමුන් නව දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු ජීවිිතක්ෂයට පතත්ව තිබෙනවා.

නිව් යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් පවසන්නේ තවත් පුද්ගලයින් 32 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

මහල් 19 කින් යුත් නිවාස සංකීර්ණයේ සෑම මහලකම අධික ලෙස දුම් ආග්‍රානය වූවන් සොයා ගත් බව සඳහන් කළ ගිනි නිවීමේ දෙපාර්තමේන්තු කොමසාරිස් ඩැනියෙල් නිග්‍රෝ වැඩිදුරටත් කියාසිටියේ මෙය වසර 30ක කාලයක් තුළ නිව් යෝර්ක් හි දක්නට ලැබුණු දරුණුතම ගිනි ගැනීම බවයි

එරට වේලාවෙන් රාත්‍රී 11:00 ට පමණ මෙම බ්‍රොන්ක්ස් මහල් නිවාස සංකීර්ණය ගිනි ගෙන තිබුණා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 200 ක් පමණ යොදවා තිබූ අතර, මෙය විදුලි හීටරයක් හේතුවෙන් ඇති වූ ගින්නක් බවයි නිලධාරීන් සැක පළ කළේ.

Share This