නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ ගුණ සමරුව අද

නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ ගුණ සමරුව අද

ලක්දිව සෑම දරුවෙකුටම පළමුවන ශ්‍රේණියේ සිට සරසවි අධ්‍යාපනය නිමා වන තුරු නොමිලේ අධ්‍යාපනය ලබාගැනීමට හැකි වන අයුරින් නිදහස් අධ්‍යාපනයක් නිර්මාණය කළ ලංකාවේ ප‍්‍රථම අධ්‍යාපන ඇමති සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා දිවංගත වී අදට වසර 53 ක් සපිරෙනවා.

1931 රාජ්‍ය මන්ත‍්‍රණ සභාව නියෝජනය කරමින් ලංකාවේ පළමු අධ්‍යාපන අමාත්‍යධූරය ලබාගත් ඒ මහතා නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගනු ලැබුවා.

එය මෙතෙක් ඉතිහාසයේ ලංකාවේ සියලු පාසල් දරුවන්ට නිදහස් අධ්‍යාපනයක් උරුම කරදීමට සමත් වූ අතර ඒ හේතුවෙන් අදටත් ඔහු මෙරට ජනතාව අතර ප‍්‍රචලිතව ඇත්තේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙසයි.

පසුව 1969 වසරේ සැප්තැම්බර් 23 වැනිදා දැයෙන් සමුගත් නිදහස් අධ්‍යාපනයේ පියා වසර 20 ක පමණ කාලයක් මෙරට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.

Share This