නිති විරෝධී දුම්වැටි 12,000ක් පොලිස් භාරයට

නිති විරෝධී දුම්වැටි 12,000ක් පොලිස් භාරයට

නීති විරෝධී ලෙස තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි 12,000ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයට ලද තොරතුරක් මත කොල්ලුපිටිය ප්‍රදේශයේ වෙළඳසැලක් අසලදී මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 57 සහ 54 වයස්වල පසුවන කඩවත හා මාලබේ ප්‍රද්ශෙවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කළේ.

මේ අතර, තණමල්විල නිකවැව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීති විරෝධී ගංජා හේනක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී අඩි 4ක පමණ උසට වැඩුණු ගංජා පැළෑටි 3,430ක් සහ වියළි ගංජා කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 50ක්ද සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.

Share This