නැවත සිතා බලන්න .. නාමල් – භානුකගෙන් ඉල්ලයි

නැවත සිතා බලන්න .. නාමල් – භානුකගෙන් ඉල්ලයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

හදිසි තීන්දු ගැනීමට වඩා වැදගත් වන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යාම බවයි නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

භානුක රාජපක්ෂට තරුණ ක්‍රීඩකයකු ලෙස රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තවත් කාලය ඉතිරිව ඇති බව ද අමාත්‍යවරයා පවසනවා.

ක්‍රීඩකයන්ට සියපෞද්ගලික හේතුමත ක්‍රීඩාවෙන් ඉවත්ව යාමට පූර්ණ අයිතියක් ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා එවැනි තීන්දුවක් ගැනීම සදහා පරිපාලනය සමග ඇතිවන ගැටලූවක් හේතුවී ඇත්නම් හෝ යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ සඳහා මැදිහත්වීමට තමන්ට අවස්ථාවක් ඇති බවද අවධාරණය කර තිබෙනවා.

Share This