නැගෙනහිර භාරතය නියෝජනය කරමින් සන්තාලි කුලයෙන් ද්‍රව්පදි මුර්මු භාරතීය ජනතා පක්ෂයෙන් ජනපති ධූරයට

නැගෙනහිර භාරතය නියෝජනය කරමින් සන්තාලි කුලයෙන් ද්‍රව්පදි මුර්මු භාරතීය ජනතා පක්ෂයෙන් ජනපති ධූරයට

ඉන්දීය ජනාධිපති ධුරය සඳහා ද්‍රව්පදී මුර්මු නම් දේශපාලනඥවරිය පත්කිරීමට පාලක ඉන්දීය ජනතා පක්ෂය තීරණය කර තිබෙනවා.

ඇය එරට සන්තාලි කුලය නියෝජනය කරන දේශපාඥවරියක්.

හිටපු ගුරුවරියක් වන 64 හැවිරිදි ඇය ඔඩිෂා ප‍්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනයේ නිරතව ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරියක් ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඉන්දීය ජනාධිපතිවරණය ලබන මස 15 වනදා පැවැත්වීමට නියමිතයි.

ද්‍රව්පදී මුර්මු ඉන් ජය ගතහොත් ඉන්දීය ජනපති ධූරයට පත්වන පළමු ගෝත‍්‍රික සම්භවයක් සහිත නායිකාව ලෙස වාර්තා අතරට එක්වනු ඇති.

ඉන්දීය ජනපති, රාජ්‍යයේ ප‍්‍රධානියා වුවද විධායක බලතල හිමි වන්නේ නැහැ.

අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ද්‍රව්පදී මුර්මු පිළිබඳ සදහන් කරමින් ප‍්‍රකාශ කලේ ඇය සුපිරි ජනාධිපතිවරයෙක් වනු ඇති බව තමන්ට විශ්වාසයක් ඇති බවයි.

Share This