නාය යාමේ අවදානම් ස්ථාන 343ක්

නාය යාමේ අවදානම් ස්ථාන 343ක්

දිවයින පුරා නාය යෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, විවිධ ප්‍රදේශවලින් නාය යෑම් 27ක් පසුගිය දින කිහිපයේ දී වාර්තා වී ඇති බවයි.
පසුගිය 04 වැනි දා සිට මේ දක්වා කාලය තුළ නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බව ද හෙතෙම කියා සිටියා.
මේ අතර ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ වැසි තත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.
බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.

Share This