නාකි වුණත් මම අඳින්නේ මට ඕන විදියට – යුරේනි (Photos)

නාකි වුණත් මම අඳින්නේ මට ඕන විදියට – යුරේනි (Photos)

යුරේනි කියන්නේ සෘජු චරිතයක්. හැඩකාරියක්.

පහුගිය ටිකේ ගෙදර හිටියාට , මේ වෙද්දි නාට්‍ය කිහිපයක් එක්ක සම්බන්ධ වෙලා කියලා ආරංචියි.

May be a close-up of one or more people

එක එක වැඩ නිසා මගේ ජීවිතේ මම ආස කරපු ගොඩක් දේවල් කලින් මග හැරුණා. ඒත් මේ ටිකේ  නම් හොඳ ඇඩ්වෙන්චර්ස් ටිකක නිරත වුණා. හොඳට ඇවිද්දා. දැන් මේ නාට්‍ය වල වැඩ කටයුතු ඉවර උනහම ජනවාරි මාසේ හිතන් ඉන්නව කන්දක් නගින්න යන්නත්.”

May be an image of 1 person

දක්ෂ රංගන ශිල්පිණියක් වන යුරේනි, මේ දවස් වල සමාජ මාධ්‍ය වල සෑහෙන්න කතා බහට ලක් වෙනවා.

ඒ, ඇය දාන විවිධාකාරයේ ඡායාරූප නිසා. බොහෝ දෙනෙක් ඇයව විවේචනය කළත්, ඇය ඒ ගැන කනකට වත් ගන්නෙ නම් නෑ.

ඇය ඒ ගැන අපිට කිව්වේ මෙහෙමයි…

මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළොවක්. ඒ අවුරුදු ගාණටම මම විවිධ විලාසිතා කළා. මම ඔසරියත් ඇඳලා තියෙනවා. කොටම කොට සායත් ඇඳලා තියෙනවා. මම නම් ඔය කියන කිසිම කතාවක් ගණන් ගන්නෙ නැහැ. ඒ විලාසිතාවලට සමහරු එකඟ වෙන්නේ නැහැ. එකඟ නොවුණා කියලා මම ආස කරන ඇඳුම් මම නොඇඳ ඉන්නෙත් නෑ. විලාසිතා කරන එක නවත්වන්නේ නැහැ අවුරුදු 80 පැන්නත් මම විලාසිතා කරනවා.

May be an image of 1 person, sitting and indoor
May be an image of one or more people and indoor
Share This